Life
යෝගට් අනුභව කිරීම ශරීර සෞඛ්‍යයට හිතකරයි ශරීර සෞඛ්‍යයට හිතකරයි
කිරි ආශ්රිත නිෂ්පාදනයක් වන යෝගට් දිනපතා ආහාරයට එක්කර ගැනීමෙන් නිරෝගී
ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය කැල්සියම්, ප්‍රොaටීන්, බී
ගණයට අයත් විටමින් වර්ග, පොටෑසියම්, පොස්පරස් හා මැග්නීසියම් ඇතුළු ඛනිජ
ලවණ වර්ග යහමින් ශරීරයට ලබා ගත හැකි වන බව ඇමරිකානු ජාතික පෝෂණවේදිනියක වන
ලීසා ෙඩ්රයර් පවසන්නීය.
කිසිවක් මිශ්‍ර නොකරන ලද තනි පැහැ අඩු
මේදය සහිත (ලෝ µeට්) අවුන්ස අටකින් යුත් යෝගට් කෝප්පයක් අනුභව කිරීමෙන්
දිනකට අවශ්‍ය කැල්සියම් අවශ්‍යතාවයෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් එනම්
කැල්සියම් මිලිග්‍රෑම් 400 කට අධික ප්‍රමාණයන් ශරීරයට ලබා ගත හැකි බව
අනාවරණය වී තිබේ.
යෝගට්වල හිතකර බැක්ටීරියාවන් වන
"ප්‍රොaබයොටික්ස්" අන්තර්ගතව පැවැතීම නිසා එය යෝගට් සුරක්ෂිත කිරීමට
මෙන්ම එහි රසය වර්ධනය කිරීමටද උපකාරී වේ.
"ප්‍රොaබයොටික්ස්"
බැක්ටීරියාවන් කිරිවල අඩංගු ලැක්ටෝස් නමැති සීනි විශේෂය දිරවීම පහසු කරන
නිසා සාමාන්‍යයෙන් වෙනත් කිරි ආහාර පරිභෝජනය කළ නොහැකි අයටද යෝගට් ආහාරයට
ගැනීම පහසු වේ. මැතකදී සිදු කරන ලද පර්යේෂණවලදී අනාවරණය වී ඇත්තේ යෝගට්වල
අඩංගු "ප්‍රොaබයොටික්ස්" ප්‍රතිශක්තිකරණ පද්ධතියෙහි ක්‍රියාකාරීත්වය
වර්ධනය කිරීමටද හේතු වන බවයි. ගී්රක් නමැති යෝගට් විශේෂය තුළ සාමාන්‍ය
යෝගට්වල අන්තර්ගත ප්‍රොaටීන් ප්‍රමාණය මෙන් දෙගුණයක ප්‍රොaටීන්
ප්‍රමාණයක් අඩංගු බව හෙළි වී තිබේ. මේ අනුව අවුන්ස හයක මේදය රහිත තනි පැහැ
යෝගට් කෝප්පයක ප්‍රොaටීන් ග්‍රෑම් 8 ක් හා සීනි ග්‍රෑම් 12 ක් අන්තර්ගත
වන බව අනාවරණය වී ඇති අතර, මේදය රහිත තනි පැහැ ගී්රක් යෝගට් කෝප්පයක
(අවුන්ස 5.3 ක) ප්‍රොaටීන් ග්‍රෑම් 15 ක් හා සීනි ග්‍රෑම් 6 ක් අඩංගු බව
සනාථ වී තිබේ.
සම්පූර්ණ යොදය සහිත කිරිවලින් නිපදවනු ලබන යෝගට්වල
සංතෘප්ත මේදය අධික ලෙස අඩංගු වන බව අනාවරණය වී ඇතත් කිරි ආශ්රිත
නිෂ්පාදනවල අඩංගු මේදය පිළිබඳව පවත්වා ඇති පර්යේෂණවලදී කිsරි නිෂ්පාදනවල
අඩංගු සංතෘප්ත මේදය පරිභෝජනය කිරීමෙන් පසු රෝග අවදානමක් ඇති වනුයේ අඩු
මට්ටමකින් බව හෙළි වී තිබේ. එහෙත් මස් වර්ගවල අඩංගු අධික සංතෘප්ත මේදයන්
හෘද රෝග වැළඳීමේ අවදානම වැඩි කරවන බව පර්යේෂණවලදී හෙළි වී තිබේ.
කුමන්
වර්ගයක යෝගට් කෝප්පයක් ඔබ ආහාරයට එක් කර ගත්තද යෝගට් කෝප්පයේ පහළ
කොටසට පලතුරු හා වෙනත් රස කාරකයන් යෙදු යෝගට් වර්ගවල සීනි අධිකව අඩංගු
බැවින් එවැනි යෝගට් වර්ගවලට වඩා තනි පැහැ යෝගට් අනුභව කිරීම ශරීර
සෞඛ්‍යයට හිතකර බව පෝෂණවේදිනී ලීසා ෙඩ්රයර්ගේ මතය වී තිබේ.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks